Friday, September 6, 2013

පවුරු (12 වන කොටස)


එහෙනම් අපට ටිකක් පරිස්සම් වෙන්න වෙයි නේද රුවන්..



දයාබර ලොකු සර්.,
මේ ලිපිය සර්ට ලැබෙද්දි මම ජීවතුන් අතර නොසිටීවි..

මම මුලින්ම සර්ගෙන් සමාව ඉල්ලනව. මම කරපු වැරදි හදාගන්න මම ප්‍රමාද වැඩියි.

මම දන්නව සර් හැමදේම දන්නව කියල..

සර් එදා ඇවිත් ජනේලෙන් එබෙද්දි මම දැක්ක. ඒත් මම ඒ බව ඇඟෙව්වෙ නැත්තෙ, ප්‍රභා සර් ගෙන් සර් ට ප්‍රශ්ණයක් වෙයි කියන බයට.

මම වලස්මුල්ලෙන් මෙහෙ ආවෙ මගෙ අම්මයි, තාත්තයි ජීවත් කරවන්න කීයක්හරි හොයා ගන්න. මං නරක කෙනෙක් නෙමේ..

සර්..

දවසක්...,

එදා ඔෆිස් එකේ කවුරුත්ම හිටියෙ නෑ.

මමයි ප්‍රභා සර්රුයි විතරයි හිටියෙ.සර් මට කීව සර් ගෙ කාමරේට වතුර වීදුරුවක් ගෙනල්ල දෙන්න කියල බොන්න.රිලැක්ස් වෙන්න දැන් කවුරුත් ඔෆිස් එකට එන එකක් නෑ කීව.ඉතින් මම ගවුමකුත් ඇඳන් ඒක අරන් එද්දි සර් මාව එකපාරටම වතුර වීදුරුව ඉල්ලගෙන ඇඳට තල්ලු කලා..

එදා සර් මාව බලෙන්ම විනාස කරා.. මට කරන්න කිසි දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නෑ. එදා ඉඳන් සර් දැකපු දවස වෙනකම් 3 පාරක් මාව එහෙම තියාගෙන හිටිය. මට මාව එපා වෙලා හිටියෙ සර්. ඒත්, ප්‍රභා සර් කීව මාව මැරි කරනව කියල. මට බයවෙන්න එපා කීව..මේ වෙනකොට මට වෙන්න තියන හැමදේම වෙලා ඉවරයි සර්. මට ලැජ්ජයි මේව ලියන්න.ඒත් මන් ආයෙ සර්ට මූණ දෙන්නෙ නැති නිසයි ලියන්නෙ.

අද උදේ ප්‍රභා සර් ආයෙත් මාත් එක්ක හිටිය. ඉඳල එයාගෙ ෆෝන් එකෙන් මම එපා කියල අඬද්දිම ෆොටෝ ගැහුව. අද හවස එයාගෙ කොළඹ යාළුවෙක් එනවලු මෙහෙ. අද එයා එක්ක මට ඉන්නලු. නැත්නම් ෆොටෝ ටික ඉන්ටර්නෙට් එකට දානව කීව.

සර්..
මම සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.. සර් නැති හැම දවසකම මට අනාරක්ෂිතයි කියන හැඟීම ගොඩක් දැනුන.. ඒ වගේම මං සර් ට එක වැරැද්දක් කරා සර්..

සර් ගෙ මේසෙ තිබුනු සර්ගෙ ආදර කථාව ලියන ඩයරිය මට අහම්බෙන් හම්බුනේ. මං ඒක ඔක්කොම කියෙව්ව. මට සමා වෙන්න සර්.. මම සර් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත. සර් දෙවි කෙනෙක් වගේ. සර් වගේ කෙනෙක් ලබපු ඒ ගෑණු ළමය දවසකට හරි ගොඩක් පිංවන්තයි...

මම මේ මුළු ලෝකෙටම වෛර කරනව සර්. තවත් මට මගෙ අම්මගෙ, තාත්තගෙ මූණූ බලන්න බෑ.. ඒ වගේම මට සර්ගෙ මූණ බලන්නත් බෑ. අද හවස් වෙනකම් මම හිටියොත් මම ගණිකාවක් කරනව ප්‍රභා සර්.

ඒ නිසා මම තීරණයක් ගත්ත. මට සමා වෙන්න සර්.

මම ප්‍රභා සර්ට සාප කරනව...!!!

සර් ට බුදුසරණයි..!

මීට අසරණ මහේෂි.

හෝ.............(මම එක හුස්මට ලිපිය කියවල අවසන් කලා..)

මට තිබුනෙ පුදුම කේන්තියක්.. නමුත් කල යුත්තේ කුමක්ද?

මම ගාලු කොටුව පැත්තට ගියේ ලිපියත් අතේ තියන්.. මම ගොඩක් කල්පනා කරා.

දහ දොලොස් පාරක් ලිපිය කියෙව්ව.

මට නැතිවෙන්න දෙයක් නෑ.. ඒ වගේම පොලීසියට කීවට මේ වගේ උන්ට ලැබෙන දඬුවමකුත් නෑ.. මං ප්‍රභාගෙන් පලි ගන්නව.. මට හිතුනෙ එහෙම.

දුරකථනය නාද වුනේ ඒ මොහොතෙ.. කථා කරේ කතරගම ලොකු හාමුදුරුවො...

ආහ් දරුවො.. කොහොමද ඔහෙ වැඩ කටයුතු.. මරණ ගෙදර වැඩ කටයුතු එහෙම අහවරද?

එහෙමයි අපෙ හාමුදුරුවනේ... ඒ ඔක්කොම ඉවරයි.. ඒත්..

ඇයි දරුවො... මොකක්ද ගැටළුව..?

මම අපෙ හාමුදුරුවන්ට ලිපිය ගැන හැමදේම කීව.. මගෙ තීරණෙත් කිව්ව..

දරුවො.. මේ ලෝකෙ නොපෙනෙන බලවේග, ස්වභාධහම වගේ දේවල් ගොඩක් තියනව... ඒ දේවල් ඔය තිරිසන් වැඩ කරන මනුස්සය ගැන බලා ගනී. ඔය දරුව විහින් අමාරුවෙ වැටෙන්න එපා..

ඔය දරුව මෙහෙ එන්ඩකො ටික දවසකට.. ම්..

මේ තත්වෙට මගෙ හිත හදපු අපෙ හාමුදුරුවො කියපු දේ මට අහන්න සිද්ද වුනා..

මම එවෙලෙම ඔෆිස් එකට ගිහින් මගෙ ගෙනියන්න පුලුවන් බඩු සියල්ලම බෑග් 3කට අස් කරා..

රුවන් ඔෆිස් එකට ආවෙ ඒ වෙලාවෙ..

සර්.. ඇයි මේ බඩු අස් කරන්නෙ. සර් කොහෙද යන්නෙ..

මම හිටියෙ ගොඩක් කේන්තියෙන්.. ඒ බව රුවන්ට දැනෙන්න ඇති..

සර් ලොකු කේන්තියක්න් නේද ඉන්නෙ.. මොකද උනේ සර්... ඇයි මොකද උනේ..

වැඩකරණ ළමයෙක් උනාට රුවන් මට ගොඩක් හිතවත් විස්වාසවන්ත කෙනෙක්.. මම ලිපිය රුවන්ට පෙන්නුව..

සර්... මේක මහ ජරා මිනිහෙක්නෙ සර්... අඩුම තරමෙ දැනගෙනත් සර් වත් මට මේව කීවෙ නෑනෙ.. ෂීට්..

සර්.. අපි මූව පොලීසියට අල්ලල දෙමු..වෙන කරන්නනත් දෙයක් නෑ...
අපි මෙහෙම වැඩක් ප්ලෑන් කරා..
ඔෆිස් එකේ කවුරුත් හිටියෙ නෑ.. රුවනුත් මාත් එක්ක එන්න පොරොන්දු උනා..

අපි වැල්ලට ගිහින් මූදු යන තරුණ දීවරයෙක් එක්ක හාද උනා... මිනිහට අපි සම්පූර්ණ විස්තරේ කියල ලිවුමෙ ෆොටෝ කොපියක් මිනිහ අතේ පොලීසියට යැව්ව.. ඒ එක්කම දුරකථන ඇමතුමකින් ලිපියෙ අත්පිටපත ඔෆිස් එකේ තැනක තියල ඒක තියන තැන ස්ථානාධිපතිට දැන්නුව.

අපි එවෙලෙම කතරගම බලා පිටත් උනා.. රුවන්ගෙ තව ගෝලයො දෙන්නෙකුත් මේ ගමනට එකතු වුනා.. එයාලත් මාත් සමග මේ ගමනට එක් වුනේ මැනේජර් කෙනෙක් වීමේ හුදෙක් සැබෑ නොවෙන සිහිනය, සදහටම අත් හැර ගනිමින්..

එදා හවස පොලීසියෙන් ඔෆිස් එක වටලල. ලිපියෙ අත් පිටපත සොයාගෙන.. ප්‍රභාව අත්අඩංගුවට අරන්.. මකන ලද දත්ත සෙවුම් මෘදුකාංගයක් භාවිතයෙන්, මකා දමා තිබූ මහේෂිගෙ නිරුවත් පින්තූර 8ක් පොලීසිය සොයාගෙන තිබුනෙ පුභාගෙ ජංගම දුරකථනයෙ මෙමරි කාඩ් එකේ තිබිල.

ප්‍රභා වසර දෙකකට සිරගත කලා. රුවන් සහ ළමයි ටික එයාලගෙ ගෙවල් වලට පිටත් කරා..

ටික දවසකට මම කතරගම නැවතුනා..

හැමදාම කරේ භාවනා කරපු එකයි, ඔහේ ඇවිදපු එකයි..

හේමන්තත් එක්ක ඔහොම ඇවිදින්න ගියපු දවසක තමා මට ගැටඹේ වෙදමහත්තය හමුවුනේ. ඔහු කතරගම පුදේශයෙම පදිංචි අංක විද්‍යාව සහ යන්ත්‍ර මන්ත්‍ර ගැන හසල දැනුමක් තිබිනු පුද්ගලයෙක්..

පුතා.. ඔයාට මේ දේවල් හදාරන්න වර්ම් තියනව.. ඔයා යහපතටයි යොදවන්න ඕනෙ මේව ඉගෙන ගෙන..

ඒ මහත්මයා කීවෙත් ලොකු හාමුදුරුවො කියපු ටිකමයි..

මම ඒ දේවල් ගැනත් හදාරන්න පටන් ගත්ත.. ඒ දේවල් හදාරන්න ලොකු හාමුදුරුවෝ ගොඩක් උදව් වලා..

කාලය ඔහේ ගෙවිල ගියා...

මචන් කෝල් එකක්... (දුරකථනය ගෙනවිත් දුන්නෙ හේමන්ත)

හෙලෝ..

හෙලෝ සර්.. මම රුවන්..

ආහ් රුවන්.. කොහොමද?

වරදක් නෑ සර් හොඳින්..

මොකද කරන්නනෙ දැන්... ජොබ් එකක් හොයා ගත්තද?

සර්... මම අවිස්සාවේල්ලෙ ගාමන්ට් එකක දැන් වැඩ...

ආහ්... හොඳයි රුවන්... මොනව හරි කරන්න ඕනෙ අද කාලෙ ජීවත් වෙන්න.. ‍කෙහෙල්මල් මැනේජර් පෝස්ට් එකට වඩා ඔය රුකියාව වැදගත් රුවන්..

ඒකනම් ඇත්ත සර්... සර්... මන් ආරන්චියක් කියන්න ගත්තෙ සර්ට...

ඒ මොකක්ද රුවන්..

ප්‍රභා කාරයට ඇප ලැබිලලු සර්.. ඇපිල් එකක් දාල එලියට අරන්...

කවුද රුවන්ට කීවෙ..

අපේ හිටපු ළමයෙකුට හම්බවෙලා තියෙනව නිදහස් කරගෙන එද්දි..

එහෙනම් අපට ටිකක් පරිස්සම් වෙන්න වෙයි නේද රුවන්..

ඔව් සර්.. ඒකමයි මමත් සර්ට ගත්තෙ මේ පනිවිඩේ ලැබුන ගමන්ම..

හරි. මම විස්තර හොයල බලන්නම් රුවන්.. තෑන්ක්ස් පනිවිඩේ කිව්වට..

.කේ සර්...

ප්‍රභාට කරපු දේට අනිවාර්යයෙන් මගෙන් පලි ගන්නව.. ඒත් මම දැන් බය නෑ.. මට ආරක්ෂා වෙන්න ඕනෙ කරන දැනුම මා සතු බව දැන් මම දන්නව.. මේ වන විටත් ප්‍රභා මාව හොයනව ඇති.. බලමු...


මෙහි සියලුම හිමිකම් FreeGetLanka සතු වන අතර අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම් ේ.
ඔබේ අදහස් අපට කියලම යන්න..

1 comment:

  1. ඉතිරි සියළුම කොටස් කියවීමට මෙතැනට යන්න..
    ඉතිරි කොටස් සියල්ලම

    ReplyDelete